ඉන්දීය මහ කොමසාරිස් මහ සඟරුවන හමුවෙයි.

Sunday, 24 March 2013 - 7:48

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B6%9F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ කාන්තා මෙරට ප්‍රධාන පෙලේ මහ සඟරුවන හමුවී තමිල්නාඩුවේදී පසුගියදා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වන ඉන්දියා හවුස් හිදී ඊයේ මෙම හමුව පැවති බවයි මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි, කිරම විමලජෝති හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, තීනියාවල පාලිත හිමි, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සහ මහාබෝධි සංගමයේ් ලේකම්වරයාද මෙලෙස ඉන්දියා නිවසේදී මහ කොමසාරිස්වරයා සමග සාකච්ඡාවට එක්වී තිබෙනවා.

 

මෙම සාකච්ඡාවේදී ඉන්දීය මහ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත්තේ තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රහාරවලට ලක්වීමේ සිද්ධීන් හුදකලා සිද්ධීන් ලෙස හැඳින්විය හැකි බවයි. එවැනි සිද්ධීන් තුළින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින ඓතිහාසික, සංස්කෘතික සහ ශක්තිමත් සිවිල් සබඳතා බිඳ වැටීමක් සිදු නොවන බව මහ කොමසාරිස්වරයා අවධාරණය කලා. එමෙන්ම තමිල්නාඩුව ඇතුළු ඉන්දියාවේ සියලූ ප්‍රාන්තයන් හි සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සැළසීම සඳහා ඉන්දීය මධ්‍යම රජය විසින් පියවර යොදා ඇති බවද ඔහු මෙහිදී යළි සිහිපත් කළා.

 

ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග ඊයේ (23) පැවති සංවාදය පිළිබඳව අදහස් දැක්වූ කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමි.

 
[MP3]s55841[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories