ජිනීවා යෝජනාව ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්.

Sunday, 24 March 2013 - 8:11

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජීනිවා යෝජනාවෙන් අනතුරුව ඇමරිකාව සහ සෙසු බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයන් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරියා නිවුලන්ඞ් සඳහන් කර තිබුණේ ජීනිවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරුණු යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවයි.

 

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාව මගින් පැහැදිලි පණිවුඩයක් ලබාදී ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළා.  කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව අදාළ යෝජනාවෙන් යළි අවධාරණය කළ බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ. එමෙන්ම, ඇමෙරිකානු යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ දීප්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි මිචෙල් සිසොන් ප්‍රකාශ කළා. එමඟින් කිසිසේත්ම බෙදුම්වාදය දිරි ගැන්වීමක් සිදුනොවන බවට ඇය සහතික වුණා.  

 

මෙම ප්‍රකාශයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය, විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එමගින්  ජාත්‍යන්තරය දැනුවත් කිරීමට හැකිවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories