සංගීතඥ පැටි‍්‍රක් දෙණිපිටිය අභාවප්‍රාප්ත වේ.

Sunday, 24 March 2013 - 13:21

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%A5+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A.

ප්‍රවීණ සංගීතඥයෙකු වන පැටි‍්‍රක් දෙණිපිටිය කැනඩාවේදී අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. මියයන විට 78 වන වියේ පසු වූ ඔහු කැනඩාවේ - ටොරෙන්ටෝ නුවරදී අභාවප්‍රාප්ත වූ අතර පසුගිය වසර 15 ක පමණ කාලයක් ජීවත් වූයේ කැනඩාවේයි. සැඟවුණු මැණික, සැණකෙලිය සහ ලෝක හොරු චිත්‍රපටවල සංගීතය අධ්‍යක්ෂණය කළ පැටි‍්‍රක් දෙණිපිටිය මෙරට ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ගී තනු නිමවා තිබෙනවා. සී.ටී ප්‍රනාන්දුගේ ජාතිකාභිමානි ගීවලට ද සංගීතය සැපයූ පැටි‍්‍රක් දෙණිපිටිය, මොහිදින් බෙග් සහ රුක්මනී දේවි සමඟ ද සංගීත නිර්මාණවලට එක්වුණා. මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ඉවුරුතලා සහ රැයක් උපන්නා ගීතවල මෙන්ම,  එච්.ආර්.ජෝතිපාලගේ උමයංගනියේ ගීතයේ ද සංගීත නිර්මාපකයා ද ඔහුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories