ප්රවීණ සංගීතඥයෙකු වන පැටි්රක් දෙණිපිටිය කැනඩාවේදී අද උදෑසන අභාවප්රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෙකු හිරු ප්රවෘත්ති අංශයට ප්රකාශ කළා. මියයන විට 78 වන වියේ පසු වූ ඔහු කැනඩාවේ - ටොරෙන්ටෝ නුවරදී අභාවප්රාප්ත වූ අතර පසුගිය වසර 15 ක පමණ කාලයක් ජීවත් වූයේ කැනඩාවේයි. සැඟවුණු මැණික, සැණකෙලිය සහ ලෝක හොරු චිත්රපටවල සංගීතය අධ්යක්ෂණය කළ පැටි්රක් දෙණිපිටිය මෙරට ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ගී තනු නිමවා තිබෙනවා. සී.ටී ප්රනාන්දුගේ ජාතිකාභිමානි ගීවලට ද සංගීතය සැපයූ පැටි්රක් දෙණිපිටිය, මොහිදින් බෙග් සහ රුක්මනී දේවි සමඟ ද සංගීත නිර්මාණවලට එක්වුණා. මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ඉවුරුතලා සහ රැයක් උපන්නා ගීතවල මෙන්ම, එච්.ආර්.ජෝතිපාලගේ උමයංගනියේ ගීතයේ ද සංගීත නිර්මාපකයා ද ඔහුයි.
Follow US
Most Viewed Stories