තමිල්නාඩු විරෝධය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවටත් ප්‍රශ්නයක්. - දයා මාස්ටර්.

Sunday, 24 March 2013 - 12:51

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A.

තමිල්නාඩු දේශපාලඥයන් මෙරට දෙමළ සහ සිංහල ජනතාව අතර අනවශ්‍ය ගැටලූ නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුදම් දයානිධි නොහොත් දයා මාස්ටර් පවසනවා. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරිනියක් සමඟ යාපනයේදී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් දයා මාස්ටර් තවදුරටත් සඳහන් කළේ දැන් තමිල්නාඩුවේ පවතින්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහය දැක්වූ බවට ඔප්පු කිරීම සඳහා දේශපාලන පක්ෂ අතර පවතින තරගයක් බවයි. අත්අඩංගුවට පත්වන දෙමළ රැඳවියන්ට මෙරට බලධාරින් වදබන්ධන සිදුකරන බවට ජාත්‍යන්තරය නගන චෝදනා පිළිබඳව ද දයා මාස්ටර් වෙත ප්‍රශ්නයක් යොමුවුණා. එහිදී ඔහු කියා සිටියේ තුන් මසක් අත්අඩංගුවේ පසු වූ තමාට කිසිදු පීඩාවක් සිදු නොවූ බවයි.

 

තමිල්නාඩු දේශපාලන පක්ෂවලින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට කිසිදු සේවයක් ඉටු වූයේ නැහැ. එහෙත්, ඉන්දීය රජය උතුරේ නිවාස ඉදිකිරීමෙන් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය ඇතුළු කටයුතුවලින් මෙහි සංවර්ධන කටයුතුවලට දායක වී ඇති බව දයා මාස්ටර් පෙන්වා දුන්නා. ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව විශාල හඬක් නැගුව ද මෙරට දෙමළ ජනතාව සඳහා ඔවුන් සතු ඵලදායි සැලැස්මක් නොමැති බවත්, දයා මාස්ටර් අවධාරණය කළා.

 

ඔවුන් මෙරට දෙමළ ජනතාවගෙන් නාමයෙන් තවදුරටත් මුදල් එක්රැස් කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ. ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ දයා මාස්ටර් කියා සිටියේ මෙරට දේශපාලන අනාගතය ශ්‍රී ලාංකික ජනතාවට පවරා ජාත්‍යන්තරය මෙහි සංවර්ධන කටයුතුවලට පමණක් දායක විය යුතු බවයි. යුද අපරාධ පරීක්ෂණයක් පිළිබඳව අදහස් දැක්වූ දයා මාස්ටර් ප්‍රකාශ කළේ තුන් වසරකට පෙර අවසන් වූ යුද්ධය ගැන දැන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් ඵලක් නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories