ශ්‍රී ලාංකික වන්දනාකරුවන් රැගත් බස් රථයක් බිහාරයේදී ගිනිගනී.

Monday, 25 March 2013 - 12:57

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 16 දෙනෙකු රැගත් බස් රථයක් ඉන්දියාවේදී ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අනතුරෙන් එක් පුද්ගලයෙකු පමණක් සුළු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ලෝකයේ පිහිටි උසම ස්ථූපය වන කේෂරියා ස්ථූපය වන්දනාමාන කිරීම සඳහා යමින් සිටියදී ඊයේ මෙම අනතුර සිදුව තිබෙනවා. නේපාලයට ආසන්න බිහාර් ප්‍රාන්තයේයි මෙම ස්ථූපය පිහිටා ඇත්තේ. බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය ගිනිගැනීමට ලක්ව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 
කෙසේ වෙතත් මෙම අනතුර පිළිබඳව බිහාර් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම සිද්ධියෙන් පසු ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිස නිරුද්‍රිතව ඔවුන් ලැගුම් ගෙන සිටි ස්ථානයට පැමිණ ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories