ජනාධිපතිවරයා හිරු මැදිරියට එයි.

Monday, 25 March 2013 - 19:03

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.

තිස් වසරක ශාපලත් ත්‍රස්තවාදයෙන් අහිමිවූ ජීවිත හැර අන් සියල්ල ජනතාව වෙනුවෙන් ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ අද (25) පස්වරුවේ පැවති රන්බිම ඉඩම් හිමිකම් දීමනා පත්‍ර ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින්. මෙම වැඩසටහනට සමගාමීව උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ඉඩම් හිමිකම් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින්, ඉඩම් කැබලි දහසක හිමිකම් ප්‍රදානය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ සිදුකෙරුණා.

මේ අතර, අම්පාර - හාඩි උසස් තාක්ෂණ ආයතනයේ පරිශ්‍රයේ පැවැත්වෙන 2013 දැයට කිරුළ වැඩසටහනේ තුන්වන දිනය වන අද (25) එහි පිහිටා තිබෙන හිරු මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශන කුටිය වෙත පිවිසීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතක කළේ නැහැ. ජනාධිපතිතුමන්ගේ පැමිණීම හා අද (25) පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් තොරතුරු ගෙන එන මාණ්ඩලික වාර්තාකරු ප්‍රසාද් හතුරුසිංහ.
 
[MP3]s55943[/MP3]

[JPG]s55943_1[/JPG]

[JPG]s55943_2[/JPG]

[JPG]s55943_3[/JPG]

[JPG]s55943_4[/JPG]

[JPG]s55943_5[/JPG]

[JPG]s55943_6[/JPG]

[JPG]s55943_7[/JPG]

[JPG]s55943_8[/JPG]

[JPG]s55943_9[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories