මත්තල තෙල් ටැංකි ඉදිකිරීම් අවසන් අදියරේ.

Tuesday, 26 March 2013 - 13:02

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%9A.


මත්තල ගුවන් තොටුපළේ ඉදිකෙරෙන තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී අවසන් කිරීමට හැකි වනු ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. එතෙක් ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන බවුසර් මගින් සැපයීම සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙලෙස ගුවන් යානා සඳහා ඉන්ධන සපයන රථයක ඇති වූ කාර්මික දෝෂයක් නිසා ගුවන් යානයක් පැයකට ආසන්න කාලයක් නවතා තැබීමට සිදුවූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලෙසයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

[MP3]s55986[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories