අයි.පී.එල්. චෙන්නායි තරගවලින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉවතට.

Wednesday, 27 March 2013 - 8:02

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ චෙන්නායි නුවර පැවැත්වෙන තරඟ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගි කර නොගැනීමට අයි.පී.එල්. බලධාරින් තීරණය කර තිබෙනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ 10 ක් චෙන්නායි නුවරදී පැවැත්වීමට නියමිතයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන නුවන් කුලසේකර සහ අකිල ධනංජය ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. මෙවර අයි.පී.එල්. තරඟාවලියේදී කණ්ඩායම් 8 ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් චෙන්නායි හි පැවැත්වෙන තරඟ සඳහා සහභාගිවීම වළක්වන ලෙස තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් එරට අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ගෙන් ඊයේ (26) ඉල්ලීමක් කරනු ලැබුවා. අගමැතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, විනිසුරුවරුන් සහ නිලධාරීන් චෙන්නායි හි පැවැත්වෙන තරඟ සඳහා සහභාගි නොකළ යුතු බවයි. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ට චෙන්නායි හිදී තරඟවලට සහභාගිවීමට සුදුසු වාතාවරණයක් නොමැති බව ඇය සිය ලිපියේ වැඩිදුරටත් පෙන්වා දෙනවා. තමිල්නාඩු මහ ඇමතිනියගේ ලිපිය පදනම් කර ගනිමින් ඊයේ (26) රැස්වූ අයි.පී.එල් බලධාරීන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන් චෙන්නායි නුවර පැවැත්වෙන තරග සඳහා සහභාගි කර නොගැනීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ලබන අප්‍රේල් 3 වැනිදා ආරම්භ වන අයි.පී.එල්. තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රිඩකයින්ගේ ආරක්ෂාව සහතික කරන්නේ නම් පමණක් ඔවුන් ඊට සහභාගි කරවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. අයි.පී.එල්. තරඟ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින් ක්‍රිීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

[MP3]s56015[/MP3]
 
මේ අතර චෙන්නායිි නුවර පැවැත්වෙන අයි.පී.එල්. තරග සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගි කර නොගන්නා ලෙස ඉල්ලමින් පෙත්සමක් තමිල්නාඩු පොලිස් කොමසාරිස්වරයා වෙත ඊයේ (26) භාර දී තිබෙනවා. මෙම පෙත්සම භාර දී ඇත්තේ තමිල්නාඩු උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories