ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා රහස්‍ය සේවයේ අධ්‍යක්ෂවරිය ලෙස පළමු වතාවට කාන්තාවක් පත් කර තිබෙනවා. එම තනතුරට පත් ජූලියා පියසන් වසර 30 ක කාලයක ඇමෙරිකානු රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත නිලධාරිනියක ලෙසයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම ඒකකයට ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පවුලේ ආරක්ෂාව ඇතුළුව එරට සිදුවන මූල්‍ය වංචා පිළිබඳ සොයා බැලීමේ වගකීම ද පැවරෙනවා. මෙම තනතුරට සුදුස්සෙකු පත් කිරීමේදී කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය නොවන අතර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පුද්ගලයෙකු පත් කිරිමේ අවස්ථාව හිමිවනවා.
Follow US
Most Viewed Stories