ෆොන්සේකා මගහැර ටිරාන්, අර්ජුන ඡන්ද කොමසාරිස්වරයා හමුවට.

Wednesday, 27 March 2013 - 19:01

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B6%9C%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%A7%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුණ රණතුංග සහ ටිරාන් අලස් අද මැතිවරණ කොමසාරිස්වරයා හමුවුණා. ඒ, සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලියාපදිංචි කිරීම පිළිබඳ මතුව ඇති ගැටළු සාකච්ජා කිරීමටයි.

 

ටිරාන් අලස් සහ අර්ජුණ රණතුංග යන මන්ත්‍රීවරුන් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත් වීමෙන් අනතුරුවයි මෙම ගැටළුකාරී තත්ත්වය මතුවුණේ. එම පක්ෂයේ හිටපු ලේකම්වරයා වන්නේද ටිරාන් අලස් මන්ත්‍රීවරයායී. පක්ෂය ලියාපදිංචි නොකිරීම සම්බන්ධයෙන් ඔහු එම පක්ෂයේ සිටියදී මානව හිමිකම් කොමිසමේද පැමිණිල්ලක් ගොනුකර තිබුණා. එහෙත් ඔහු පක්ෂයෙන් ඉවත් වූ පසු පක්ෂයේ ලියාපදිංචිය ලබා ගැනීමට බාධා කරන බවයි සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ.

 

මැතිවරණ කොමසාරිස්වරයා හමුවු ටිරාන් අලස් සහ අර්ජුණ රණතුංග යන මන්ත්‍රීවරුන් සරත් ෆොන්සේකාගේ පක්ෂය ලියාපදිංචි කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව අද කියා සිටියා.

 

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා කලින් දැනුම්දී තිබුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා හා සරත් ෆොන්සේකා එකම අවස්ථාවේ මුණගැසිය යුතු බවයි. ඒ සඳහා හෙට දිනයේ වේලාවක්ද වෙන් කර දී තිබුණා. එහෙත් ටිරාන් අලස් සහ අර්ජුන රණතුංග යන මන්ත්‍රීවරුන් අද ඡන්ද කොමසාරිස්වරයා හමුවුණා. ඒ නිසා තමන් හෙට දිනයේ ඡන්ද කොමසාරිස්වරයා හමුවී සාමාජික ලැයිස්තුව ඉදිරිපත් කරන බව සරත් ෆොන්සේකා කියා සිටියා.

 

[MP3]s56066[/MP3]                         

 
සරත් ෆොන්සේකා ගිනි සිළුව ලකුණින් එළැඹෙන පළාත් සභා මැතිවරණයට තරග කිරීමටද සූදානමින් සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories