දැයට කිරුළේ මුදල් වංචා කළ ප්‍රධානියෙකුට එරෙහිව පොලිස් පරීක්ෂණ.

Thursday, 28 March 2013 - 7:42

%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

අම්පාරේදී පැවැත්වෙන දැයට කිරුළ 2013 ජාතික ප්‍රදර්ශනයේ සංවර්ධනය හා සම්බන්ධීකරණ කටයුතු නියමන පටිපාටියට අනුව සිදු නොකිරීමෙන් රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට දැනට කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව දැයට කිරුළ ලේකම් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ කාන්තාවකට එරෙහිව ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දැනුම්දී තිබෙනවා. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ. එ අනුව ඇයට විදේශ ගතවීම වළක්වන ලෙසද රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories