ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ ප්‍රබලතාවය හීන වූ බවට කරන ප්‍රකාශය ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි.

Thursday, 28 March 2013 - 7:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%93%E0%B6%B1+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව ගෙන ආ යෝජනාවට ඉන්දියාවේ පීඩනය මත සිය යෝජනාවේ ප්‍රබලතාවය හීන වූ බවට සිදුවන ප්‍රචාරය ප්‍රතික්ෂේප කරන බව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබෙට්  ඕ බ්ලේක් පවසනවා. එමෙන්ම මෙම යෝජනාවලිය ගෙන ඒමේදී ඊට පෙර ඉන්දියාව සමග සමීපව සාකච්ඡා කර එය ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ බවයි රොබට්  ඕ බ්ලේක් පී.ටී.අයි පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.

 

මීට අමතරව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඉන්දියාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටට පත්වන බවද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

මේ අතර ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාගත යුතු බවට ඞී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධිද ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. 1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදෙන අවස්ථාවේදී ඞී.එම්.කේ. පක්ෂය මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවටයි කරුණානිධි විරෝධීන් ප්‍රකාශ කර තිබුණේ. ඒ එවකට තමිල්නාඩු ප්‍රාන්ත රජයේ බලය හිමිව තිබූ ඞී.එම්.කේ. පක්ෂය ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් නොදැක්වීම හේතුවෙන්. ඊට ප්‍රතිචාර දක්වමින් ඊයේ එම්. කරුණානිධි සඳහන් කර සිටියේ තම පක්ෂය එම අවස්ථාවේදී දැඩි විරෝධතාවයක් එල්ල කළ ද ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාව සමග කච්චතිව් දූපත සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹි බවයි.

 

 
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම්ගෙන් රාජ තාන්ත්‍රිකව ප්‍රශ්න කළ යුතු බව තමිල්නාඩුවේ එම්.ඞී.එම්.කේ. පක්ෂයේ ලේකම් වයි ගෝපාල් ස්වාමි පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං වෙත විද්්‍යුත් තැපැල් ලිපියක් යොමු කරමින් ගෝපාල් ස්වාමි මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා. තමිල්නාඩුව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුකරගෙන මෙම ප්‍රශ්න කිරීම් සිදුකළ යුතු බවටයි ගෝපාල් ස්වාමි එම ලිපියේ සඳහන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories