හසිත මඩවල ඝාතන ගිනි අවිය විදේශීය රටකින්.

Thursday, 28 March 2013 - 19:10

%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%A9%E0%B7%80%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන සිංගප්පූරු සරත් නොහොත් සරත් කුමාර එදිරිසිංහගේ පුත්‍රයා දිවයිනට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා. ප්‍රධාන මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මෙම නියෝගය නිකුත් කළේ මීට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි. ඝාතනය සඳහා යොදාගත් පිස්තෝලය සැකකාර සරත් කුමාර එදිරිසිංහගේ විදේශගතව සිටින පුත්‍රයා විසින් වෙඩි තැබීම සිදුකළ සුජීව රංගන කුමාර නැමැත්තාට එවා ඇති බව අද හෙළි වුණා. රහස් පොලිසිය සිය පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙමින් ඒ බව අනාවරණය කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල කැළණිය - වරාගොඩ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 06 වැනිදා රාත්‍රියේදීයි. අමාත්‍ය මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා වන සරත් එදිරිසිංහ නැමැත්තාට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 04 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද (28) දිනයේ නඩු විභාගයෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දේශාල් පෝල්.

[MP3]s56131[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories