ජාතික කෞතුකාගාරයේ පියගැට පෙළක් කඩා වැටේ - 36 කට තුවාල.

Thursday, 28 March 2013 - 19:20

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%90%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A+-+36+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

කොළඹ ජාතික කෞතුකාගාරයේ දැව පියගැට පෙලක් කඩා වැටීමෙන් පාසල් සිසුන් 27 දෙනෙක් ඇතුළු 36 දෙනෙකු අද (28) තුවාල ලැබුවා. තුවාල ලැබූවන් අතර ගුරුවරුන් 05 දෙනෙකු සහ දෙමව්පියන් 04 දෙනෙකුද සිටින බව ජාතික රෝහල සඳහන් කළා.

පාසල් කිහිපයක දරු දැරියන්, ගුරුවරුන් සහ දෙමව්පියන් පිරිසක් අද (28) පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාර නැරඹීමට පැමිණ සිටියා. ඒ අතර, මහනුවර - ගලගෙදර ගිරිහාගම ප්‍රාථමික විද්‍යාලය, වැලිමඩ සුමනජෝති මහා විද්‍යාලය, මිද්දෙනිය දඹරැල්ල මහා විද්‍යාලයේ සිසුන්ද සිටි බවයි කෞතුකාගාර ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. පියගැට පෙළ නගිමින් සිටියදී එක්වරම එය කඩා වැටීම නිසා මෙම පිරිසට කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

[MP3]s56135_1[/MP3]

සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පොලිසිය ජාතික කෞතුකාගාරය ඉදිරිපිටින් ගමන් කරන වාහන පවා නවතා තුවාලකරුවන් රෝහල වෙත යොමුකළා. එසේ තුවාලකරුවන් රැගෙන ගිය රියදුරෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සිය අත්දැකීම් විස්තර කළා.

[MP3]s56135_2[/MP3]

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් දෙදෙනෙකු තමන් මුහුණදුන් තත්ත්වය මෙසේ පැහැදිලි කළා.

[MP3]s56135_3[/MP3]

අනතුරට මුහුණ පෑ දරුවන් සමග පැමිණි ගුරුවරුන් සහ දෙමව්පියන් කිහිප දෙනෙක්ද හිරු ප්‍රවෘත්ති අංශයට තමන් මුහුණදුන් තත්ත්වය මෙසේ විස්තර කළා.

[MP3]s56135_4[/MP3]

තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසා බැලීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද අද පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණියා.

කොළඹ ජාතික කෞතුකාගාරයේ පියගැට පෙළක් කඩා වැටීමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් දැන ගැනීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය ද අප සම්බන්ධ කර ගත්තා.   

[MP3]s56135_5[/MP3]

කොළඹ ජාතික කෞතුකාගාරය මෑත කාලයේ දැඩි කතාබහට ලක්වූයේ රන් කඩු ඇතුළු ඉපැරණි කෞතුක වස්තූන් රැසක් එයින් සොරා ගැනීම හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories