උතුරු කොරියාවේ මිසයිල ඇමෙරිකාවට යොමුවෙයි.

Friday, 29 March 2013 - 8:35

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


සිය දිගුදුර මිසයිල ඇමෙරිකා එක්සත් ජනපදය ඉලක්ක කර ගෙන ස්ථානගත කරන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඊයේ නියෝග කළා. පැසිෆික් සාගරයේ සහ දකුණු කොරියාවේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ද මිසයිලවල ඉලක්කය විය යුතු බවටයි ඔහු උපදෙස් දී ඇත්තේ. සිය හමුදා ප්‍රධානීන් සමඟ ඊයේ පැවති හදිසි සාකච්ඡාවකින් අනතුරුව උතුරු කොරියානු නායකයා මෙම නියෝගය සිදුකළ බවයි එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ. උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික අවි පවා එල්ල කළ හැකි බෝම්බ ප්‍රහාරයක යානා දකුණු කොරියාව වෙත යැවීමට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව මෙම පියවර ගෙන තිබෙනවා. ඇමෙරිකානු පියවර උතුරු කොරියානු නායකයා හැඳින්වූයේ ප්‍රකෝපකාරි ක්‍රියාවක් ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories