මහ කොමසාරිස් ගෙන්වා ගන්නේ නැහැ - විදේශ අමාත්‍යාංශය.

Friday, 29 March 2013 - 13:37

%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මෙරටට කැඳවා ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඉන්දියාවෙන් පිටමං කරන ලෙස තමිල්නාඩු මහ ඇමතිනිය සහ එහි දේශපාලනඥයින් දැක්වු අදහස්වලට ප්‍රතිචාර ලෙසයි විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කළේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට පවතින සම්බන්ධය පිළිබඳව මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් කළ පැහැදිලි කිරීමක් තමිල්නාඩු දේශපාලනඥයන්ගේ උදහසට ලක්වී තිබෙනවා. සිංහලයන් පැමිණියේ උතුරු ඉන්දියාවෙන් බවට මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය හේතුවෙන් දකුණු ඉන්දියාව සහ උතුරු ඉන්දියාව අතර විරසකයක් හට ගන්නා බවයි ඔවුන් කියා සිටියේ. මේ නිසා මහ කොමසාරිස්වරයා ඉන්දියාවෙන් නෙරපිය යුතු බව වයිකෝ ඇතුළු තමිල්නාඩු දේශපාලනඥයන් ප්‍රකාශ කර තිබුණා.

එහෙත් රාජ්‍යතාන්ත්‍රිකයෙකුට මෙවැනි චෝදනාවක් එ ල්ල කිරීම සම්බන්ධයෙන් වයිකෝ අත්අඩංගුවට ගත යුතු බවයි ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමි කියා සිටියේ. ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට තමිල්නාඩු දේශපාලනඥයන්ගෙන් එල්ල වන බලපෑම් පිළිබඳව අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රොඞ්නි පෙරේරා කියා සිටියේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ප්‍රකාශ ලක් රජය සැලකිල්ලට නොගන්නා බවයි.

ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූණ් වහන්සේලට තමිල්නාඩුවේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන් ද නිවේදනයක් නිකුත් තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූණ් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය තමන් පිළිකුලෙන් හෙළා දකින බවයි. මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් දෙමළ ජනතාව මුහුණ පා තිබෙන ගැටළුව විසඳා ගැනීමට අවස්ථා අහිමි වන බවයි එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඉන්දියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය විවේචනයට ලක්වුණා. එහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු.

[MP3]s56178[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories