සිල්ලර කඩවල වෛද්‍ය උපකරණ අලෙවිය තහනම්.

Saturday, 30 March 2013 - 18:42

%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

වෛද්‍ය උපකරණ හා ශල්‍ය උපකරණ සාමාන්‍ය වෙළඳසැල්වල අලෙවි කිරීම සපුරා තහනම් කරමින් ඉදිරි සතිය තුළ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. රෝහල් ආසන්නයේ පිහිටා ඇති වෙළඳසැල්වල අලෙවි කරන සිරින්ජර, අත්වැසුම් හා වෙනත් උපකරණ සම්බන්ධයෙන් ගත වූ සති කිහිපය තුළ ජාතික විළවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට මහජන පැමිණිලි රැසක් ඉදිරිපත් වුණා. මෙම උපකරණවල ප්‍රමිතිය ඉතා පහළ මට්ටමක පවතින බවටයි මහජනතාව කරුණු ඉදිරිපත් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමෙන් අනතුරුවයි සාමාන්‍ය වෙළඳසැල්වල සිරින්ජර්, අත්වැසුම්, ඇතුළු වෙනත් ශල්‍ය උපකරණ අලෙවි කිරීම සපුරා තහනම් කරමින් මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට තීරණය කර තිබෙන්නේ.   

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් අනතුරුව රජයේ ඔසුසැල් සහ බලපත්‍රලාභී පෞද්ගලික ඔසුසැල්වලට පමණක් මෙම ශල්‍ය උපකරණ අලෙවිය සීමා වන බව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ පිළිබඳ අධිකාරිය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories