පාස්කු ඉරිදා අදයි.

Sunday, 31 March 2013 - 9:34

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු නැවත උත්ථානයවීම සිදුවූ පාස්කු ඉරිදා දිනය අදයි. පෙරේදා දිනයේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සිහිපත් කරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් මහසිකුරාදා දිනය සැමරුවා. මිනිස් ජිවිතයට විමුක්තිය ලබා දුන් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහිකෙරෙන මෙම දින කිහිපය ලොව පුරා කිතුනු බැතිමතුන්ට වැදගත්ම සැමරුම් අවස්ථාවක්. එය නිමිත්තෙන් කිතුනු දේවාස්ථානවල විවිධ ආගමික සැමරුම් රැසක් සංවිධානය කර තිබෙනවා.

මරණයෙන් නැවත නැගිටීම සහ එතෙරවීම තුළින් දේව රාජ්‍ය ස්ථාපිත කිරිමට ක්‍රිස්තුන් වහන්සේ මඟ පාදා දුන් බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. එය සියලූ ජනතාව යහමඟට යොමු කිරීමේ ප්‍රයත්නයක් ලෙස ද සැලකෙනවා. යුදෙව් දින දර්ශනය අනුව පාස්කු සතිය නිර්මාණය වන ආකාරය පිළිබඳව අප ක්‍රිස්තියානි සංස්කෘතිය පිළිබඳ කථිකාචාර්ය සහ කොළඹ අගරදගුරු පදවියේ ලේඛනාධිපති, ගරු සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමන්ගෙන් විමසා සිටියා.

[MP3]s56279[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories