කෙරවලපිටියට ඉන්ධන සැපයුම තෙල් සංස්ථාව අත්හිටුවයි.

Sunday, 31 March 2013 - 13:09

%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කෙරවලපිටිය විදුලි බලාගාරයට ඞීසල් සැපයුම අත්හිටුවීම නිසා ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාවයෙන් මෙගාවොට් 100 ක් පමණ අහිමිව ගොස් තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී.ගනේගල කියා සිටියේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මුදල් ගෙවා ඉන්ධන ලබාගන්නා ලෙස පැවසීමත් සමග මෙම තත්ත්වය උද්ගත වූ බවයි. කෙරවලපිටිය විදුලි බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 300 ක්. ඉන් මෙගාවොට් 100 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට නොහැකිවීම නිසා එම ප්‍රමාණය මේ වනවිට වැඩි පිරිවැයක් දරා කැළණිතිස්ස බලාගාරයෙන් ලබාගැනීමට සිදුව ඇති බවද විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විමසීමක් කළා. එහි කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා කියා සිටියේ පසුගිය සතියේ සිට කෙරවලපිටිය විදුලි බලාගාරයට ඉන්ධන සැපයීම අත්හිටවූ බවයි. මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය ඇතුලූ පෞද්ගලික විදුලි බලාගාරවලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 60 කට අධික මුදලක් අයවිය යුතු බවද ඔහු සඳහන් කළා. කෙරවලපිටිය විදුලි බලාගාරයට සැපයූ ඉන්ධන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයවිය යුතු මුදල රුපියල් බිලියන 9 ක්. එම හිඟ මුදල් ගෙවීම විදුලිබල මණ්ඩලය දිගින් දිගටම මගහැරීම නිසා මෙලෙස කෙරවලපිටිය විදුලිබලාගාරයට ඉන්ධන සැපයීම අත්හිටුවීමට කටයුතු කළ බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්‍ෂ සුසන්ත ද සිල්වා කියා සිටියේ.  

කෙරවලපිටිය විදුලි බලාගාරයට ඉන්ධන ලබානොදීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් ද විමසීමක් කළා. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s56285[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories