ගාස්තු සංශෝධනයක් ඉල්ලා බස් සංගම් වර්ජනයකට සැරසෙයි.

Monday, 01 April 2013 - 7:35

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

දිවයින පුරා බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කරන දින වකවානු පිළිබද අවසන් තීරණයක් ඉදිරි පැය 48 තුළ ප්‍රකාශයට පත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට යෝජිතව තිබූ බස් ගාස්තු සංශෝධනය සිදුනොකිරීමට විරෝධය පළ කරමින් මෙලෙස බස් වර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

[MP3]s56326_1[/MP3]

ජාතික බස් ගාස්තු සංශෝධනයට අනුව ඉන්ධන මිල ඉහළ යාම ද සැලකිල්ලට ගෙන සියයට 7ක බස් ගාස්තු වැඩිකිරීමක් ලබාදෙන ලෙස බස් සංගම් විසින් ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන බලධාරීන් හා බස් සංගම් අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවතුණු අතර ඒවා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.

මේ අතර, කොළඹ සිට මහනුවර, මඩකලපුව සහ අනුරාධපුරය වෙත ක්‍රියාත්මක වන නගරාන්තර දුම්රිය සේවාවන්හි ගාස්තු අද සිට ඉහළ නැංවෙනවා. ඒ අනුව කොළඹ සහ මහනුවර අතර දෙවන පන්තියේ ගාස්තුව රුපියල් 220 සිට 280 දක්වාත් පළමු පන්තියේ ගාස්තු රුපියල් 360 සිට 500 දක්වාත් ඉහළ නැංවෙනවා. කොළඹ - මඩකලපුව දෙවන පන්තියේ ගාස්තු රුපියල් 500 සිට 580 දක්වාත් නිදන මැදිරි ගාස්තු රුපියල් 750 සිට 1250 දක්වාත් ඉහළ නැංවෙනු ඇති. මීට අමතරව උඩරට මැණිකේ ඇතුලූ දුම්රියවල වායු සමනය කළ සහ නිදන මැදිරි ගාස්තු ද රුපියල් 750 සිට 1250 දක්වා ඉහළ දමා ඇති බවයි දුම්රිය වාණිජ අධිකාරී ජී.ඩබ්ලිව්.එස්. සිසිර කුමාර කියා සිටියේ.

කොළඹ - නුවර නැරඹුම් මැදිරි ගාස්තුවද අද සිට රුපියල් දහසක්. කොළඹ සහ අනුරාධපුර අතර නගරාන්තර දුම්රියේ දෙවන පන්ති ගාස්තුව රුපියල් 380 සිට 480 දක්වා ඉහළ නැංවෙන අතර වෙන් කළ ආසන සඳහා ගාස්තුව රුපියල් 450 සිට 500 දක්වා ඉහළ නැංවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් සාමාන්‍ය දුම්රිය ගාස්තු ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බවයි දුම්රිය වාණිජ අධිකාරීවරයා තවදුරටත් සඳහන් කළේ.

[MP3]s56326_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories