ජාතික කෞතුකාගාරය අද යළි විවෘත කෙරේ. යුද කෞතුකාගාරයක් පිහිටුවන ලෙසත් ඉල්ලීමක්.

Monday, 01 April 2013 - 7:38

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.++++++%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

කොළඹ ජාතික කෞතුකාගාරය අද සිට මහජනතාව වෙනුවෙන් යළි විවෘත කරන බව ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පසුගිය දා එය වසා දැමුණේ එහි දැව පියගැටපෙළක් කඩා වැටී පාසල් ළමුන් 29 දෙනෙකු සහ ගුරුවරුන් 5 දෙනෙකු තුවාල ලැබීමත් සමගයි. කෙසේ වෙතත්, අදාළ පියගැට පෙළ පිහිටි කොටස හැර කෞතුකාගාරයේ අනෙකුත් කොටස් අද (01) සිට යළි විවෘත කෙරෙනු ඇති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කරන බව ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසූරිය මීට පෙර ප්‍රකාශ කළා.

[MP3]s56327_1[/MP3]
  
මේ අතර ජාතික කෞතුකාගාරය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී පාර්ශව කිහිපයක් විවිධ අදහස් පළ කළා. එක්සත් භික්ෂු පෙරමුණේ ජාතික සංවිධායක පූජ්‍ය අඹන්වෙල ඥානාලෝක හිමියන් ඊයේ කොළඹ දී පැවැති  මාධ්‍ය හමුවකදී කෞතුකාගාරය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.  

[MP3]s56327_2[/MP3]  

ත්‍රස්තවාදයේ ආදීනව පෙන්වන කෞතුකාගාරයක් කොළඹ ස්ථාපිත කරන ලෙස ජාතික සංග සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරනවා. ජාතික සංඝ සම්මේලනය හා බොදුබල පුබුදුව විසින් කොළඹ දී ඊයේ සංවිධානය කර තිබූ මහබොදු සමුළුවට එක්වෙමින් ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියා.
 
[MP3]s56327_3[/MP3]
  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories