පාලක මණ්ඩලය ක්‍රීඩකයින් සමග සාකච්ඡාවකට සැරසේ.

Monday, 01 April 2013 - 7:48

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගිවන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වනවා. එහි සභාපති උපාලි ධර්මදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අයි.පී.එල්. තරඟාවලිය ඉදිරි දින කිහිපයේදී ආරම්භ වීමට නියමිත බැවින් අවසන් තීරණයට එළඹීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම සාකච්ඡාව අද හෝ හෙට දිනයේදී පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගිවීම සඳහා කළ ආරාධනයක්    ශ්‍රී ලංකා නව විස්සයි විස්ස නායක දිනේෂ් චන්දිමාල් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. චන්දිමාල් මෙවර අයි.පී.එල්. තරඟාවලිය සඳහා මුළින් තෝරා ගැනුණු ක්‍රීඩකයන් 13 දෙනාට ඇතුළත් වූයේ නැහැ. එහෙත්  ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් තුවාල ලැබීම නිසා සිය කණ්ඩායමට එක්වන ලෙස පූනේ වොරියර්ස් පිල කළ ඉල්ලීම චන්දිමාල් ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මෙවර අයි.පී.එල්. තරඟාවලියට සහභාගිවන ක්‍රීඩකයන්ට චෙන්නායි තහනම් කලාපයක් වී තිබියදී චන්දිමාල් මෙම තීරණයට එළඹීම විශේෂ සිද්ධියක් ලෙසයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබුණේ.

ශ්‍රී ලංකාවට එරෙහිව දිගින් දිගටම තමිල්නාඩුව විවිධ ආකාරයෙන් බලපෑම් කරන්නේ නම් ඉන්දියාවේදී පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය වර්ජනය කළ යුතු බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශය ද මෙවැනි අවස්ථාවක රාජතාන්ත්‍රිකව කටයුතු කරන බවක් දක්නට නොලැබෙන බවයි.

[MP3]s56328_1[/MP3]

මේ අතර තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ඉන්දියාවේ නාම් තමිලර් පක්ෂයේ නායක සීමාන් චෝදනා කරනවා. ඔහු ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් සම්බන්ධයෙන් පවා තමිල්නාඩු මහ ඇමතිනිය නිවැරදි ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කර නොමැති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන්ද ඇය කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙලක් අනුගමනය කර නොමැති බවයි නාම් තමිලර් පක්ෂයේ නායක සීමාන් තවදුරටත් චෝදනා කර තිබෙන්නේ.

ජාතික සංඝ සම්මේලනය හා බොදුබල පුබුදුව විසින් කොළඹ දී ඊයේ සංවිධානය කර තිබූ මහබොදු සමුළුවට එක්වෙමින් ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් ද ඉන්දියාව සම්බන්ධයෙන් මෙවැනි අදහසක් පළ කළා.

[MP3]s56328_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories