විපක්ෂ නායකවරයා ඉන්දියාවට.

Monday, 01 April 2013 - 7:59

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව දෙදින නිළ සංචාරයක් සඳහා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.  මෙම සංචාරය තුළ දී විපක්ෂ නායකවරයා ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි සමග ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග සදහන් කළා.

 

මීට අමතරව විපක්ෂ නායකවරයා ඉන්දීය රජය සහ විපක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයන් මෙන්ම එරට රජයේ නිලධාරීන් සමග ද සාකච්ඡා කරනු ඇති. ජිනිවා මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ඡුන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එරට සංචාරය කරන පළමු ඉහළ පෙළේ දේශපාලනඥයා වන්නේ ද විපක්ෂ නායකවරයායි.  මේ වන විට තමිල්නාඩුවේ ශ්‍රී ලංකාවට එරෙහි පසුබිමක් නිර්මාණය වී ඇති මොහොතක විපක්ෂ නායකවරයාගේ ඉන්දීය සංචාරය ඉතා සුවිශේෂී වනු ඇති බවයි ඉන්දීය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories