ටී එන් ඒ අභ්‍යන්තර අර්බුද යළිත්.

Monday, 01 April 2013 - 12:35

%E0%B6%A7%E0%B7%93+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ අතර මත ගැටුම් නිර්මාණය වී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. තමිල් අරසු පක්ෂය ඇතුලූ පක්ෂ 5 කින් සමන්විත දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පක්ෂ උතුරු පළාත් සභා මැතිවරණයට වෙනම තරඟ කළ යුතු බවයි ප්‍රකාශ කර ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් නායකත්වය දරන තමිල් අරසු පක්ෂය හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වය දරන ඊ.පී.ආර්.එල්.එෆ්. හෙවත් ඊළාම් ජනතා විප්ලවකාරී පෙරමුණ අතර මෙම මත ගැටුම් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ සන්ධානයට සහයෝගය ලබාදුන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී දෙමළ සන්ධානයේ ක්‍රියා කලාපයට දැඩි විරෝධය පළ කරනවා. ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දෙමළ සන්ධානය නියෝජනය කරන ඇතැම් පක්ෂ මුදල් පසුපස හඹා යන තත්ත්වයකට පත්ව ඇති බවයි.

[MP3]s56352[/MP3]

කෙසේ වෙතත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී දෙමළ සන්ධානය නියෝජනය කරන පක්ෂ වෙන වෙනම තරඟ කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා පිළිබඳව අප එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගෙන් විමසීමක් කළා. එය ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය ඉදිරි මැතිවරණයේදී තනිව තරඟ කිරීමට දැනටමත් තීරණය කර ඇති බවයි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories