ඇමති වාසුගේ යෝජනාවට බොදුබල සංවිධානයේ විරෝධය.

Monday, 01 April 2013 - 12:43

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

ජනවර්ග අතර භේද ඇතිවන අයුරින් සිදු කෙරෙන ප්‍රකාශ සහ උසිගැන්වීම් තහනම් කරන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට  අමාත්‍ය වාසුදේව නානායක්කාර ගෙන ඇති තීරණයට බොදුබල සේනා සංවිධානය විරෝධය පළ කරනවා. රට තුළ පවතින වර්තමාන තත්ත්වය සැළකිල්ලට ගෙන තමන් මෙම තීරණයට එලඹි බවයි  ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට ඊයේ කියා සිටියේ.

[MP3]s56353_1[/MP3]                          

අමාත්‍යවරයාගේ එම තීරණය සම්බන්ධයෙන් කුරුණෑගල - පන්නල ප්‍රදේශයේ ඊයේ පැවති බොදු බල සේනා සමුළුවේදී අදහස් පළවුණා. එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ මෙවැනි ක්‍රියාමාර්ගවලට පෙර භාෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක්  සකස් කර එහි පළමු තැන සිංහල භාෂාවට ලබාදෙන ලෙසයි.

[MP3]s56353_2[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories