මාතලේ සමූහ මිනී වළ ගැන ජවිපෙ විශේෂ අධිකරණ ක්‍රියාදාමයක් ඉල්ලයි.

Monday, 01 April 2013 - 19:11

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් විශේෂ අධිකරණමය ක්‍රියාදාමයක් ආරම්භ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියා.

[MP3]s56373_1[/MP3]  

පසුගිය දා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළේ මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලමින්.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ තත්ත්වය පිළිබද මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන නීතිඥ ප්‍රතිභා මහානාමගෙන් අප විමසීමක් කළා.

[MP3]s56373_2[/MP3]
 
මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වළ 1987 -  1990 කාලයට අයත් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. කැළණිය සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කළ පරීක්ෂණය අනුවයි මෙම කරුණු අනාවරණය වුණේ. ඊට අදාළ වාර්තාව මාතලේ දිසා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සමූහ මිනී වළේ කැණීම් කටයුතු පසුගිය වසරේ නොවැම්බර් මස 23 වැනිදා ආරම්භ වූ අතර එය අවසන් වූයේ පසුගිය පෙබරවාරි 12 වැනිදායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories