සීගිරියේ පඩි පෙළත් කඩා වැටෙයි ද? - පුරාවිද්‍යාවෙන් හදිසි පරීක්ෂණයක්.

Monday, 01 April 2013 - 19:15

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සීගිරි පර්වතයේ ඇති යඩක පිය ගැට පෙළ කෙතරම් ආරක්ෂාකාරී ද යන්න පරීක්ෂණයක් පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද (01) තීරණය කළා. මෙම හදිසි තීරණය ගෙන ඇත්තේ කොළඹ ජාතික කෞතුගාරායේ දැව පිය ගැට පෙළක් හදිසියේ කඩා වැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 36 දෙනෙකු තුවාල ලැබීමත් සමගයි.

පසුගිය 28 වැනිදා මෙම දැව පිය ගැට පෙළ කඩා වැටීමෙන් අනතුරුව කොළඹ ජාතික කෞතුකාගරය මහජනයාට විවෘත වූයේ අද (01) දිනයේයි. එහෙත් පිය ගැට පෙළ කඩා වැටුණු කොටස මහජනයාට තවමත් විවෘත වී නැහැ. සිද්ධිය පිළිබද සොයා බැලීමට ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශය පත් කළ පස් පුද්ගල කමිටු වාර්තාව සති දෙකක් තුළ එළි දැක්වීමට නියමිතයි. ඒ පිළිබද පැහැදිලි කළ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය.

[MP3]s56374_1[/MP3]                                                         

සීගිරියේ යකඩ පිය ගැට පෙළ පිළිබදව හදිසි පරීක්ෂණයක් පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළා.

[MP3]s56374_2[/MP3]                              



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories