පාකිස්තාන විදේශ ලේකම් ශ්‍රී ලංකාවට.

Tuesday, 02 April 2013 - 7:33

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



 
පාකිස්තාන රජයේ විදේශ කටයුතු ලේකම් ජලීල් අබ්බාල් ජිලානි දෙදින නිළ සංචාරයක් සඳහා ලබන 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එහිදී දෙරට අතර දේශපාලන සහයෝගීතාවය පිළිබද ද්වි පාර්ශවික සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති. පාකිස්තාන විදේශ ලේකම්වරයා මෙරට රැදී සිටින කාලය තුළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ද එම ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දේශපාලන සහයෝගීතාවය පිළිබද පැවැත්වෙන මෙම සාකච්ඡාවේ තුන්වන අවස්ථාව ලෙස මෙය පැවැත්වෙන අතර අවසන්වරට මෙවැනි සාකච්ඡාවක් දෙරට අතර සිදුවුණේ 2007 වසරේ දී ඉස්ලාමාබාද් නුවර දියි. පාකිස්තාන විදේශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡාවලදී ආර්ථික, ආරක්ෂක සහ ආගමික සහයෝගීතාවය පිළිබද වැඩි වශයෙන් අවධානයට යොමු වනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories