ජාතික රෝහලේ වැඩ වර්ජනය නවතා දමන්නැයි අධිකරණ නියෝගයක්.

Tuesday, 02 April 2013 - 18:42

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

හෙට දින සේවයට වාර්තා නොකරන කොළඹ ජාතික රෝහලේ ආදේශක සේවකයින් සේවය හැරගියා සේ සළකා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සඳහන් කළේ හෙට සේවයට වාර්තා නොකරන සියලූ ආදේශක සේවකයන් වෙනුවට වෙනත් කණ්ඩායමක් බඳවා ගන්නා බවයි.

 

කොළඹ ජාතික රෝහලේ සේවකයෙකුට ලබාදී ඇති ස්ථාන මාරුවකට විරෝධය පළ කරමින් එම රෝහලේ සේවකයින් පිරිසක් ඊයේ සිට වැඩවර්ජනයක නිරතවනවා. මෙසේ ස්ථාන මාරුව ලබාදී ඇත්තේ සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඞී.එස්. සෝමරත්න නැමති සේවකයාටයි.

 

රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සඳහන් කළා.

 

[MP3]s56433_1[/MP3]                 

 

එහෙත් සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය ප්‍රකාශ කරන්නේ පළිගැනීමේ චේතනාව මත මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කළ එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්.එම්.ඩබ්ලිව්. රණසිංහ.

 

[MP3]s56433_2[/MP3]                

 

 

මේ අතර සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විසින් ආරම්භ කර ඇති මෙම වැඩවර්ජනය නවත්වන ලෙසට අධිකරණය අද පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මරදාන පොලිීසිය විසින් මාළිගාකන්ද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මහජනතාවට බාධාවක් බවයි. ඉන් අනතුරුව කරුණු සළකා බැලූ මාළිගාකන්ද අධිකරණයේ මහේස්ත්‍රාත් එල්. ලියනාරච්චි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන ලෙසට නියෝග කලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories