පැපිලියානේ සිද්ධිය සමථයකට පත්වෙයි.

Tuesday, 02 April 2013 - 19:13

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පැපිලියාන ප්‍රදේශයේ වෙළද ආයතනයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 17 දෙනා නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද අවවාද කර මුදා හරිනු ලැබුවා. ඒ, සිද්ධිය සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවය එකඟවීමත් සමගයි.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගැනුණේ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ හමුවේයි. පැපිලියාන ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළදසැලකට පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදියි. සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ඇතුලූ 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. මෙහිදී නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ සඳහන් කළේ බුදු දහමට අනුව භික්ෂූන් වහන්සේලා සමාජය යහමගට ගැනීමට කටයුතු කළ යුතු බවයි.  

 

අදාළ නඩුව සමථයට පත්වීම පිළිබඳව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥ නලින් ද ඉන්ද්‍රතිස්ස මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

 

[MP3]s56439_1[/MP3]

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ මූලිකත්වය යටතේයි. ඔහුද අද අධිකරණයට පැමිණ සිටි අතර නඩු විභාගය අවසන් වීමෙන් පසු මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

 

[MP3]s56439_2[/MP3]

 

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී සිදුවූ මෙම සිද්ධියේදී හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉසුරු උදයංගද තුවාල ලැබුවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මෙහිදී සඳහන් කළේ ඔහුට ප්‍රහාර එල්ලවීම අනුමත කළ නොහැකි බවයි.

 

[MP3]s56439_3[/MP3]

 

මේ අතර ජාතික සංඝ සම්මේලනයද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදීද පැපිලියානේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එම සම්මේලනයේ ලේකම් පූජ්‍ය දොඹගොඩ සාරනන්ද හිමියන් සඳහන් කළේ භික්ෂූන් වහන්සේලා සහ සෙසු පිරිස මෙම සිද්ධියේදී හැසිරුණු ආකාරය අනුමත කළ නොහැකි බවයි.

 

[MP3]s56439_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories