තමිල්නාඩු නළු නිළියන්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා 7ක්.

Wednesday, 03 April 2013 - 8:00

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+7%E0%B6%9A%E0%B7%8A.

තමිල්නාඩු නළු නිළියන් විසින් ඊයේ සංවිධානය කළ උපවාසයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා 7ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම, ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සහ ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය රජය විසින් ආර්ථික සම්බාධක පැනවීම ඒ අතර ප්‍රධාන වනවා. ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ තමිල්නාඩු ප්‍රාන්ත සභාව විසින් පසුගිය දා සම්මත කර ගත් ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව ඉන්දීය රජය පිළිගැනීම ද ඊට ඇතුළත්. කෙසේ වුවත් තමිල්නාඩු උසස් අධ්‍යාපන සිසුන් විසින් දැනට ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන විරෝධතා නතර කළ යුතු බවයි තමිල්නාඩු නළු නිළියන් යෝජනා කර ඇත්තේ.

 
මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට විරෝධය පළ කරමින් අද (03) නවදිල්ලි නුවර දී සමස්ත ඉන්දියා දෙමළ සංගමය නැමැති සංවිධායක් විසින් විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. කෙසේ වුවත්, එම විරෝධතාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල නොවන බවට ඉන්දීය මධ්‍යම රජය සහතික වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories