චෙන්නායි නැව්වල බඩු කොළඹ බාන්නේ නැහැ. - වරාය වෘත්තීය සමිති.

Wednesday, 03 April 2013 - 8:02

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92.

තමිල්නාඩුවේ සිට නැව් මගින් ආනයනය කරනු ලබන සහ තමිල්නාඩුවෙන් අපනයනය කරනු ලබන නාවික බහාලූම් මෙහෙයුම් කටයුතු වර්ජනය කිරීමට වරාය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. වරාය වෘත්තීය සමිතියේ සාමාජික ඉන්දික මහේෂ් කියා සිටියේ තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන විරෝධතාවලට තමන්ගේ විරෝධය පළ කරන බවයි. එම විරෝධතා තවදුරටත් පවතින්නේ නම් තමන් ඉදිරියේ දී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයවටල එළඹෙන බව වරාය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික ඉන්දික මහේෂ් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

[MP3]s56455_1[/MP3]

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියාත්බන්දු වික්‍රමගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ වරාය අධිකාරිය වශයෙන් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

[MP3]s56455_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories