ජාතික රෝහලේ ආදේශක සේවකයන් පිරිසක් රැකියාවෙන් ඉවතට.

Wednesday, 03 April 2013 - 18:39

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් දියත් කළ වර්ජනයට සහය දැක්වූ ආදේශක සෞඛ්‍ය කාර්ය සහයක කණිෂ්ඨ සේවකයින්ගේ සේවය අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ සේවයට වාර්තා කර රාජකාරි කටයුතුවලින් නොදන්වා බැහැරවූ ආදේශක සේවකයින්ගේ සේවය මෙලෙස අත්හිටවූ බවයි.

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් රාජකාරි කටයුතුවලින් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක අද (03) නිරතවූයේ අඛණ්ඩව තුන්වන දිනයටයි. සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ඩී. එස්. සෝමරත්නට රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් ලබාදුන් ස්ථාන මාරුවකට විරෝධය පළ කිරීම එහි අරමුණ වුණා.

කෙසේ වෙතත් අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සඳහන් කළේ කුමන හේතුවක් නිසා හෝ අදාළ ස්ථාන මාරුව අත්හිටුවීමට කටයුතු නොකරන බවයි.

[MP3]s56484_1[/MP3]                        

අද පැවති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහලේ කටයුතුවලට සුළු වශයෙන් බාධා එල්ලවුණා. සුළු සේවකයන්ගේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා යුද හමුදා සාමාජිකයන්ද කැඳවා තිබුණා. අදත් මෙසේ වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරුණේ  රෝගීන් පීඩාවට පත් කරන ක්‍රියාමාර්ගවලින් වළකින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වෘත්තීය සමිති වෙත නියෝගයක් නිකුත් කර තිබියදියි.

කෙසේ වෙතත් සේවකයන් රැස්ව සිටි ප්‍රධාන ගොඩනැගිල්ලෙන් ඔවුන් ඉවත්කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ද රෝහල් පරිශ්‍රයට පැමිණි අතර එම අවස්ථාවේ මතුවූයේ විවාදාත්මක තත්ත්වයක්.

[MP3]s56484_2[/MP3]                                                             

මේ අතර බාධා නොතකා තම සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් දියත් කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ ජාතික රෝහල් ශාඛාවේ සභාපති පී. බී. වික්‍රමසිංහ ප්‍රකාශ කලා.
 
[MP3]s56484_3[/MP3]       



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories