අත්අඩංගුවට පත් ස්ප්‍රීතු තොගය ඇල්කොහොල් බවට තහවුරු වෙයි. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට.

Thursday, 04 April 2013 - 7:51

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

පසුගියදා තොටලඟ - ඉඟුරුකඬේ මංසන්ධියේදී අත්අඩංගුවට ගත් ස්ප්‍රීතු බවට සැක කළ කන්ටේනර් දෙකෙහි අඩංගු වූයේ මධ්‍යසාර අඩංගු එතනෝල් බවට කාර්මික තාක්ෂණ ආයතනය සිදුකළ පරීක්ෂණය මගින් තහවුරු කර තිබෙනවා. එමෙන්ම ඒ පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබීමට නියමිත බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ. බෝදරගම සඳහන් කළේ.

[MP3]s56506_1[/MP3]

මෙම කන්ටේනර් දෙකෙහි එතනෝල් ලීටර් 62000 ක් තිබූ බවටයි අනාවරණය වූයේ. එමෙන්ම මෙම එතනෝල් තොගය ගෙන්වූ බවට ප්‍රධාන සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුනා. ඊයේ දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල සැකකරු මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටද නියෝග කර තිබෙනවා.

මේ අතර මෙම එතනෝල් තොගය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ. බෝදරගම තවදුරටත් කරුණු පැහැදිළි කළා.
 
[MP3]s56506_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories