ඇමරිකාවට එරෙහි න්‍යෂ්ටික ප්‍රහාරයකට උතුරු කොරියානු හමුදාවන්ට අවසර.

Thursday, 04 April 2013 - 7:53

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB.

ඇමරිකාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා තමන්ට අවසර ලැබී ඇති බව උතුරු කොරියානු හමුදාව පවසනවා. විදෙස් වාර්තා සදහන් කළේ උතුරු කොරියානු ඉහළ පෙලේ නායකයන්ගෙන් ඒ සඳහා හමුදාවන්ට අවසර ලැබී ඇති බවයි. ඒ අනුව උතුරු කොරියාව සතු නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.


ඒ අනුව වොෂිංටනය දැනුවත් කිරීමටද උතුරු කොරියාව පියවර ගැනීමට සූදානම් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකාවේ පිහිටි ගුවාම් සහ හවායි හමුදා කඳවුරු උතුරු කොරියානු ඉලක්ක බවට මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අද හෝ හෙට වුවත් කොරියානු අර්ධද්වීපයේ යුද්ධයකට තමන් සූදානම් බව උතුරු කොරියාව ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේ වෙතත් විචාරකයන් පෙන්වා දෙන්නේ ජපානයට හෝ දකුණු කොරියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාවට හැකියාව ඇතත්, ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් දිගදුර මිසයිල තාක්ෂණයක් ඔවුන් සතුව නොමැති බවයි.

මේ අතර කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුමත් සමග දකුණු කොරියාවේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඊට අදාළව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සාකච්ඡාවක්ද පැවති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories