රනිල් ඉන්දීය ජනපති සහ විදේශ ඇමති හමුවේ.

Thursday, 04 April 2013 - 12:54

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.



ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම දෙපාර්ශවයේ වගකීමක් බව ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී පවසනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හි ඊයේ පැවති සාකච්ඡාවකදියි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ. එහිදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉන්දීය ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දෙරටේ මිත්‍ර සබඳතා වැඩිදියුණු කරලීමට පියවර ගත යුතු බවයි.

 

මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් සමගද ඊයේ සාකච්ඡාවට එක්වූ අතර ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන්  කර සිටියා.

 
 ඉන්දීය සංචාරයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එරට ජාතික ආරක්ෂක උපදේශක      සිව්ශංකර් මෙනන්, ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් සහ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක එල්. කේ. අද්වානි සමගද ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories