තිස්ස ළමා නිවාසයේ ළමයින් අපයෝජනයකට ලක්වූ බවට තොරතුරු.

Friday, 05 April 2013 - 13:10

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

තිස්සමහාරාම - බොරලැස්පැලැස්ස ප්‍රදේශයේ දේවගැතිවරයෙකුගේ භාරකාරත්වය යටතේ පැවති ළමා නිවාසයේ සිටි ළමයින් කිහිපදෙනෙකු අපයෝජනයට ලක්වී ඇති බවට තොරතුරු හෙලි වී ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසනවා. එහි සභාපතිනි, නීතීඥ අනෝමා දිසානායක හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ මෙම දරුවන් ඉදිරියේදී විශේෂ වෛද්‍ය පර්යේෂණයකට යොමුකිරීමට ද අපේක්ෂා කරන බවයි.

තිස්සමහාරාම - බෝගහපැලැස්ස ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි ළමයින් පිරිසක් ඌරන් මැරීමට යොදවා ගැනීම සම්බන්ධයෙන් ළමා රක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුව, ඊයේ දිනයේදී එම ළමා නිවාසයේ ළමයින් 89 දෙනෙකු ළමා රක්ෂක අධිකාරියේ භාරයට ගනු ලැබුවා. ඔවුන් මේ වනවිට කොළඹ ළමා රක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ රඳවා සිටින බවයි එහි සභාපතිනි අනෝමා දිසානායක ප්‍රකාශ කළේ.

[MP3]s56585_1[/MP3]

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ළමා නිවාසය පවත්වාගෙන ගිය දේවගැතිවරයා සහ තවත් අයෙකු මීට පෙර අත්අඩංගුවට ගත් අතර තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරියා. පසුව, එම ළමා නිවාසයේ භාරකාරත්වය දේවගැතිවරයාගේ නැගෙණියට පැවරීමටයි දකුණු පළාත් පරිවාස කොමසාරිස්වරිය පියවර ගත්තේ. එහෙත්, ප්‍රදේශයේ ජනතාව ඊට විරෝධය දැක්වීම හේතුවෙන් ළමා නිවාසයේ භාරකාරත්වය එම කාන්තාවගෙන් ද ඉවත් කිරීමට දකුණු පළාත් පරිවාස කොමසාරිස්වරිය පියවර ගත්තා.

බයිබලයේ සඳහන් ආගාපේ යනුවෙන් මෙම ළමා නිවාසය හඳුන්වා තිබෙනවා. බයිබලයට අනුව එහි අර්ථය වන්නේ දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමය යන්නයි.

එහෙත්, මෙම ළමා නිවාසය තුළ සිටි ළමයින්ගේ ආරක්ෂාවට බරපතල ගැටලූවක් එල්ල වී තිබූ බවයි ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසන්නේ. කෙසේ වෙතත්, ඉදිරියේදී ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව මෙම ළමයින්ගේ් ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව එහි සභාපතිනි අනෝමා දිසානායක සඳහන් කළා.
 
[MP3]s56585_2[/MP3]                          



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories