කොරියාව ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස්.

Friday, 05 April 2013 - 13:13

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A.

කොරියානු අර්ධද්වීපයේ ඇති වී තිබෙන උණුසුම්කාරි වාතාවරණය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ තානාපති කාර්යාලවලට උපදෙස් ලබාදී තිබෙනවා. දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ චීනයේ    ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ.

උතුරු කොරියාවේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙහෙයවනු ලබන්නේ චීනයේ - බීජිං නුවර     ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය හරහායි.

දකුණු කොරියාවේ විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැකියාවේ නිරතවන හෙයින් ඔවුන් පදිංචි ප්‍රදේශ සමඟ නිරන්තර සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන ලෙස ද එම උපදෙස්වලට ඇතුළත්. මීට අමතරව, දකුණු කොරියාවේ ජනමාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි ආශ්‍රයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට පවතින තත්ත්වය සහ හදිසි අවස්ථාවේදී ගත යුතු පියවර පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ද විදේශ අමාත්‍යාංශය අදාළ තානාපති කාර්යාලවලින් ඉල්ලා සිටිනවා. එමෙන්ම, විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු කොරියාවේ පදිංචි       ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ගනු ලබන පියවරවලට පූර්ණ සහය ලබා දෙන ලෙස ද විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හා තානාපති අංශ සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.


[MP3]s56586[/MP3]                                                



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories