සා/පෙළ නිසා ශිෂ්‍යාවක් සහ පියෙක් දිවි හානිකරගනී.

Saturday, 06 April 2013 - 12:31

%E0%B7%83%E0%B7%8F%2F%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

මෙරට අධ්‍යාපන ක්‍රමයේ දැඩි තරගකාරිත්වය හේතුවෙන් වටිනා ජීවිත අහිමි වූයේ අද ඊයේ සිට නොවේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය අසමත්වීම නිසා ද සිය දිවි හානි කර ගැනීමේ සිද්ධීන් දෙකක් වාර්තා වී තිබෙනවා. ඒ ඌරගස්මංහන්දිය සහ වටවල ප්‍රදේශවලින්.

ඌරගස්මංහන්දිය - ඉදුරුවල වත්ත - හිපන්කන්ද ප්‍රදේශයේ වයස අවුරුදු 16 ක ශිෂ්‍යාවක  ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී ඊයේ සොයා ගැණුනා. ඒ සාමාර්ථයක්, බී සාමාර්ථ 3 ක් සී සාමාර්ථ 3 ක් ලබා ගත්ත ද ගණිතය විෂයෙන් අසමත්වීම නිසයි ඇය මෙලෙස දිවි හානි කර ගෙන ඇත්තේ. ඇය ඌරගස්මංහන්දිය - යටගල මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්. මෙම ශිෂ්‍යාවගේ මරණය පිළිබඳව ඇගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙසේ අදහස් පළ කළා.

[MP3]s56655_1[/MP3]

මේ අතර, වටවල - රොසැල්ලගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පියෙකු ද දිවි නසා ගෙන ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිය පුතු අසමත්වීම හේතුවෙන්. වතු කම්කරුවෙකු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා පසුව කොළඹ ප්‍රදේශයේ නිවසක ආරක්ෂක රැකියාවක්ද කර ඇති බව සඳහන්. සිය සැමියාගේ මරණය පිළිබඳව ඔහුගේ බිරිඳ මෙසේ අදහස් පළ කළා.
 
[MP3]s56655_2[/MP3]                                         



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories