මුව දඩයමේ ගිය හමුදා සෙබලූන්ට වැඩ වරදී.

Saturday, 06 April 2013 - 12:34

%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.


                    

කන්තලේ - වාන් ඇල ප්‍රදේශයේදී මුවන් දෙදෙනෙකු සහ හාවෙකු වෙඩි තබා ඝාතනය කර ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සෙබළුන් සිව්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම කන්තලේ ජයන්තිපුර ප්‍රදේශයේ මාර්ග බාධකයකදී කැබ් රථයකින් මෙම මුවන් සහ හාවා ප්‍රවාහනය කරමින් සිටියදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ අතර කන්තලේ - ගංතලාව යුද හමුදා කඳවුරට අනුයුක්ත හමුදා භටයින් සිව්දෙනෙකු සහ එහි සිවිල් රාජකාරියේ නිරතවන පුද්ගලයෙකුද වන බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් පස්දෙනා අද දහවල් කන්තලේ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද වාන් ඇල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories