විදුලි ගාස්තු සංශෝධනය අලූත් අවුරුද්දෙන් පසු.

Saturday, 06 April 2013 - 19:14

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ගොනුකළ ලිඛිත හා වාචික කරුණු දැක්වීම් සම්පිණ්ඩනය කර විශේෂ වාර්තාවක් ඉදිරි සතිය තුළ නිකුත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් දමිත කුමාරසිංහ සඳහන් කළේ ලිඛිත කරුණු දැක්වීම් 270 ක් සහ වාචික කරුණු දැක්වීම් 70 ක් මේ වනවිට ජනතාවගෙන් ලබා ගෙන ඇති බවයි.

යෝජිත විදුලි ගාස්තු පිළිබඳව මෙහිදී දේශපාලන පක්ෂ, නියෝජිතයන් මෙන්ම විවිධ සංවිධානවල විද්වතුන්, විදුලිය පාරිභෝගික කමිටු සාමාජිකයන්, ව්‍යාපාරිකයන් සහ වෘත්තීය සමිතිද සිය අදහස් ඉදිරිපත් කළා. මෙම වාර්තාවේ අඩංගු කරුණු සහ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුරූපව ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත කුමාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s56678_1[/MP3]   

ආරංචි මාර්ග ප්‍රකාශ කළේ බොහෝ දුරට සිංහල සහ හින්දු අළුත් අවුරුද්දෙන් පසු විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කුණ්ඩසාලයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙවැනි අදහසක් පළ කළා.

[MP3]s56678_2[/MP3]           



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories