මාතලේ සමූහ මිනී වල ගැන පරීක්ෂාවට ජනාධිපති කොමිසමක්.

Sunday, 07 April 2013 - 12:34

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවල පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක ඒ බව තහවුරු කළා. මෙම කොමිසම පත් කෙරෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණවලට අමතරවයි.

2012 වසරේ නොවැම්බර් 23 වැනිදා මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනිවල සොයා ගත්තේ එහි ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම්වලදීයි. පසුව මිනිස් ඇටසැකිලි 154 ක අස්ථි කොටස් වරින් වර හමුවුණා. ඒ සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුලූ කණ්ඩායමක් ද පරීක්ෂණ සිදුකළේ එහි කාලසීමාව නිර්ණය කිරීමටයි. ඒ අනුව මෙම අස්ථි කොටස් 1987 - 1990 කාලයට අයත් බව ඔවුන් අධිකරණයට වාර්තා කළේ පසුගිය 27 වැනිදායි. අදාළ වාර්තාව පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේව දැක්වූයේ මෙවන් අදහසක්.


[MP3]s56715_1[/MP3]

මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ප්‍රකාශ කළේ අදාළ කාලසීමාව තුළ අතුරුදන්වුවන් පිළිබඳව ප්‍රදේශයේ ජනතාවට තමන් වෙත තොරතුරු ලබාදිය හැකි බවයි. අනතුරුව ඊට අදාළ ලිපිගොනු පරීක්ෂණ කොමිසම වෙත යොමුකරන බව ඔහු සඳහන් කළා.

[MP3]s56715_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories