නීති විරෝධීව දුම්වැටි ගෙනා දෙදෙනෙකුට කෝටි 67ක දඩයක්.

Sunday, 07 April 2013 - 18:53

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+67%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි ආනයනය කළ පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් කෝටි 67ක දඩයක් නියම කර තිබෙනවා. පසුගිය පළමු වැනිදා මෙම දුම්වැටි මෙරටට රැගෙන විත් ඇති අතර, ඒවායේ වටිනාකම කෝටි 11ක් පමණ වන බවයි රේගු දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයේ දී හෙළි වුණේ. අනතුරුව එම දුම්වැටි ඇතුළත් බහාලූම් කන්ටේනර් දෙක පසුගිය සිකුරාදා සැකකරුවන් ඉදිරියේ විවෘත කෙරුණා. ඉන් අනතුරුව සැකකරුවෙකුට රුපියල් කෝටි තිස් තුන් කෝටි පනස් ලක්ෂය බැගින්  රේගු දඩයක් නියම වූ අතර, එය නොගෙවීමට සැකකරුවන් අපොහොසත්වීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ බවයි රේගු අධ්‍යක්ෂ මාලි පියසේන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s56743[/MP3]
 
නාත්තණ්ඩිය සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු වන මෙම සැකකරුවන් දෙදෙනා අදාළ දුම්වැටි තොගය මෙරටට ලී බඩු ආනයනය කරන මුවාවෙන් ගෙනැවිත් තිබූ බව ද රේගු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories