චෙංකලඩි නිවසක ද්විත්ව ඝාතනයක්.

Monday, 08 April 2013 - 12:42

%E0%B6%A0%E0%B7%99%E0%B6%82%E0%B6%9A%E0%B6%BD%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මඩකලපුව - චෙංකලඩි ප්‍රදේශයේ නිවසක තිබී, තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ අඹුසැමි යුවලකගේ මළ සිරුරු හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (08) අලූයම මෙම මළ සිරුරු සොයාගෙන ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 48 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු සහ අවුරුදු 42 ක් පමණ වයසැති කාන්තාවක්. ඝාතන සිදුවන අවස්ථාවේදී එම නිවස තුළ සිටි බව කියන අවුරුදු 16 ක පමණ තරුණියට කිසිදු අනතුරක් සිදුවී නැහැ.  ඝාතනයට ලක්වූවන් සහ ඊට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් නිශ්චිත වශයෙන් කරුණු අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories