හදිසි විදුලිය බිඳ වැටීම, කප්පාදුවක්.

Monday, 08 April 2013 - 19:07

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%2C+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක අද (08) සිදුවූ හදිසි විදුලි බිඳවැටීම, විදුලි කප්පාදුවක් බව දැන් අනාවරණය වී තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නිහාල් වික්‍රමසූරිය කියා සිටියේ ඊයේ (07) දිනයේදී නොරොච්චෝලේ තාප බලාගාරයේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයත් සමග අද අලූයම කෙරවලපිටිය ඞීසල් බලාගාරයේද කාර්මික දෝෂයක් හටගත් බවයි. ඒ සමගම අද (08) දිනයේ විදුලි ඉල්ලූම අනපේක්ෂිත ඉහළ යාම නිසා කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශවල විදුලි සැපයුම කපා හැරීමට සිදුවූ බව ඔහු කියා සිටියා.

[MP3]s56808[/MP3]                      

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ බිඳ වැටුණු විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි. පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය නිසා මේ දිනවල අධික විදුලි ඉල්ලීමක් පවතිනවා. නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේදී සාමාන්‍ය විදුලි ඉල්ලූම මෙගාවොට් 1250 ක්. එහෙත් ඊයේ (07) දිනයේදී විදුලි ඉල්ලූම මෙගාවොට් 1350 ඉක්මවූ බවද විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරීවරයා කියා සිටියා. ඉදිරි දින කිහිපයේද විදුලි ඉල්ලූමේ ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories