හදිසි පක්ෂ නායක රැස්වීමක්.

Tuesday, 09 April 2013 - 13:09

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


අද (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බදු පනත් කිහිපයක් සම්බන්ධයෙන් වූ විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද (09)  පෙරවරුවේ විනාඩි 10කට කල් තැබුණා. කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (09) පෙරවරුවේ දී රැස්වූ අතර එහිදී මෙම බදු පනත් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. කථානායකවරයා එහිදී කියා සිටියේ අදාළ බදු පනත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවයි. එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුවයි යළි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වුණේ. පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.
 
[MP3]s56838[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories