ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිකරන බවට කරුණානිධිට කොටි තර්ජන.

Tuesday, 09 April 2013 - 13:15

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1.

තමිල්නාඩුවේ ප්‍රචණ්ඩත්වය වපුරා එය ඉන්දීය මධ්‍යම රජයේ පාලනයට යටත් කිරීම සඳහා කටයුතු කරන බවට එල්.ටී.ටී.ඊ. සංවිධානය 1989 වසරේ දී එවකට තමිල්නාඩු මහ ඇමති මුත්තුවෙල් කරුණානිධිට තර්ජනය කළ බව විකිලීක්ස් අනාවරණය කළා. චෙන්නායි හි ඇමරිකානු කොන්සල් කාර්යාලය මගින් නවදිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ වොෂින්ටන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබූ කේබල් පණිවුඩයක මේ බව සඳහන් වී තිබෙනවා. තමන්ට අවාසිදායක වුවද කරුණානිධි එල්.ටී.ටී.ඊ යේ ක්‍රියාකාරකම්වලට සහාය වී ඇත්තේ මේ නිසා බවයි එමගින් හෙළි කළේ. විශේෂයෙන් සිය ප්‍රතිවාදියා වූ එම්.ජී. රාමචන්ද්‍රන් නොහොත් එම්.ජී.ආර්. එල්.ටී.ටී.ඊ. සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යද්දී කරුණානිධි ඔවුන් වෙත යොමු වී ඇත්තේ මේ හේතුවෙන්. කෙසේ නමුත්, තමිල්නාඩුවේ දැන් පවතින ශ්‍රී ලංකා විරෝධයට කරුණානිධි එක්වීම මෙමගින් සාධාරණීයකරණය කළ නොහැකි බව විචාරකයන්ගේ අදහසයි.

මේ අතර, රාවණා බලය සංවිධානය අද (09) ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය වෙත සංදේශයක් භාර දුන්නා. එමගින් ඔවුන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවලට සහභාගි වන ඉන්දීය නළු නිළියන්ගේ චිත්‍රපට දිවයිනට ගෙන්වීම සහ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙසයි.                                       

තමිල්නාඩු විරෝධයට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාව නිකුත් කළ ප්‍රකාශයට ද, ඉන්දීය මාධ්‍ය මගින් අද (09) විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස නොසලකන්නැයි තමිල්නාඩු ශිෂ්‍ය කණ්ඩායම් කර ඇති ප්‍රකාශයට දැක්වූ ප්‍රතිචාරයයි මෙහිදී විශේෂයෙන් හුවා දක්වා ඇත්තේ. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ මෙරටට පැමිණ සැබෑ තත්ත්වය දැක බලා ගන්නා ලෙසයි. තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ගත් යෝජනාවේ අඩංගු කරුණුවලට ද විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (08) නිකුත් කළ නිවේදනයෙන් පිළිතුරු සපයා තිබෙනවා.
 
[MP3]s56839[/MP3]   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories