ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රාවක් කෙන්යාවේ.

Tuesday, 09 April 2013 - 13:46

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.

ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවක් කෙන්යාවේ නැගෙනහිර ලාමු ප්‍රදේශයේ පාටේ දිවයින වෙත පාවී පැමිණ ඇති බව කෙන්යානු පොලීසිය සඳහන් කළා. ඈත මුහුදේ මසුන් මරමින් සිටි කෙන්යානු ධීවරයන් විසින් කළ දැනුම්දීමකට අනුවයි එම ධීවර යාත්‍රාව සොයාගෙන ඇත්තේ. මෙම යාත්‍රාව අනතුරකට ලක්වීමෙන් හෝ චණ්ඩ මාරුතයකට හසුවීමෙන් කෙන්යානු මුහුදට පැමිණෙන්ට ඇති බවට එරට බලධාරීන් සැක පළ කරනවා. ඒ පිළිබදව කෙන්යාව ජාත්‍යන්තර පොලීසිය සහ ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කර ඇති බව  ඕල් ඇෆි‍්‍රකා වෙබ් අඩවිය සඳහන් කළා. යාත්‍රාවේ ධීවරයන් සිටි බවක්, එහි සඳහන් වී නැහැ. යාත්‍රාව සොයා ගැනුණු මුහුදු ප්‍රදේශයේ මුහුදු කොල්ලකෑමක් හෝ පැහැර ගැනීමක් පිළිබදව ද තොරතුරු වාර්තා වී නොමැති බවයි කෙන්යානු පොලීසිය සඳහන් කළේ.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව ධීවර දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන්ට ද තොරතුරු වාර්තා වී ඇති බවයි. ඒ අනුව කෙන්යානු තානාපති කාර්යාලය හරහා මෙම යාත්‍රාව සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බවයි ඔහු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories