වකුගඩු රෝගය ගැන විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශවලට අමාත්‍යාංශ අනුමැතිය.

Thursday, 11 April 2013 - 7:42

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.

වකුගඩු රෝගය සම්බන්ධයෙන් විද්වත් කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ඊයේ (10) සම්මත වී තිබෙනවා. රජරට ප්‍රදේශයේ දැඩි ලෙස වකුගඩු රෝගය ව්‍යාප්තවීමත් සමග එය මැඩලීමට විසඳුම් ඉදිරිපත් කරන ලෙස සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගියදා පත්කරනු ලැබුවා. එම විද්වත් කමිටුව විසින් වකුගඩු රෝගයට හේතු වන බව පැවසෙන පලිබෝධනාශක සදහා සියයට 10ක සෙස් බද්දක් පැනවීම, රජරට ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වැනි නිර්දේශ 15ක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට ඊයේ (10) ඉදිරිපත් කරනු ලැබුවා. එම නිර්දේශ සම්මත වූ බවයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කළේ.

 
[MP3]s56938[/MP3]

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ද විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ විද්වත් උපදේශක කාරක සභාවේ කරුණු ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ පියවර ගන්නා බවයි. ඊට තම අමාත්‍යාංශයේ අනුමැතිය ද ලැබී ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

 
දැනට රජරට වකුගඩු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයෙන්. 2003 සිට 2012 අවසානය දක්වා එම ප්‍රදේශයෙන් වාර්තා වකුගඩු රෝගීන් සංඛ්‍යාව 1938ක්. කෙසේ වෙතත්, මේ වන විට මෙම වකුගඩු රෝගය මාතලේ දිස්ත්‍රික්කයට පැතිර තිබෙනවා. එම දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හමුවී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 2500ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories